2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

රුසියානු පරිගණක ද්‍රෝහියෝ

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

රුසියාවේ බුද්ධි අංශයේ හිටපු සයිබර් ආරක්ෂක විශේෂඥයන් දෙදෙනකුට සහ මෘදුකාංග ව්‍යාපාරයක නිරත තවත් තැනැත්තකුට එරෙහිව රාජද්‍රෝහී චෝදනා යටතේ නඩු පවරා තිබේ.

එහි සයිබර් ආරක්ෂක අංශයේ හිටපු නියෝජ්‍ය ප්‍රධානියා වන සෙර්ගෙයි මිහයිලෙෆ් මෙන්ම දිමිත්‍රි දකුචායෙෆ් සහ “කස්පර්ස්කි” මෘදුකාංග ව්‍යාපාරයේ වෛයිරස් මැඩලීමේ අංශයේ විධායක නිලධාරි රුස්ලාන් ස්තයානොෆ් යන තිදෙනා අමෙරිකානු අභිලාෂයන් වෙනුවෙන් ක්‍රියාකර ඇති බවට චෝදනා ලැබ ඇත.එම අත්අඩංගුවට ගැනීම් පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණය සමයේ සිදු වීයයි පැවසෙන රැසියානු “හැක්” කිරීම් අතර සම්බන්ධයක් පවතින බව ඇතැම් වාර්තාවල දැක්වේ. එක් චුදිතයකු වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියකුවන ඉවාන් පාවෙල් අනෙකුත් චුදිතයින්ගේ නම් හෙළිදරව්කොට තිබේ.

රුසියානු බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය ප්‍රධානියා වන සෙර්ගේයි මිහයිලොෆ් අසාමාන්‍ය ආකාරයේ අත්අඩංගුවට ගැනීමකට ලක් වූ බව පවසන රුසියානු මාධ්‍ය වාර්තා, රැස්වීමකට සහභගි වෙමින් සිටි ඔහුගේ හිසමත බෑගයක් තබා ඔහු ඉන් ඉවතට ගෙනගොස් ඇති බව සඳහන් කරයි.  අමෙරිකානු ප්‍රාන්ත දෙකක ඡන්දය දීමේ ක්‍රමවේද “හැක්” කිරීමට මැදිහත් වූ බවට චෝදනා ලබන රුසියානු සමාගමකට සම්බන්ද අත්අඩංගුවට ගැනීමක් ඇතුළු තවත් තොරතුරු සිය අනන්‍යතාව සඳහන් නොකරන ආරංචි මාර්ග මගින් අගනුවර අවට ප්‍රචාරය කරමින් තිබෙන බව වාර්තාවේ. ඉහත කී අත්අඩංගුවට ගැනීම් සහ අමෙරිකානු ජනාධිපතිවරණ සමයේ සිදු කොට ඇතැයි පැවසෙන “හැක්” කිරීම් අතර සම්බන්ධයක් නොමැති බව ජනාධිපති පුටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි ෆෙස්කොෆ් පවසයි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00