2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

කොංගෝ ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් අගමැති ධූරයට

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 80

ඉතිහාසයේ පළමුවරට කොංගෝ ජනරජයේ කාන්තාවක් අගමැති ධූරයට පත්විය. එරට ජනාධිපති ෆීලික්ස් ට්ශිසෙකෙඩි විසින් එරට පළමු කාන්තා අගමැති ලෙස පත් කර ඇත්තේ හිටපු සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමැතිවරිය ලෙස කටයුතු කළ ජුඩිත් සුමින්වාය.

ජනවාරියේදී දෙවැනි වරටත් ජනාධිපතිවරයා ලෙස පත් වූ ෆීලික්ස් මෙලෙස කාන්තාවක අගමැති ධූරයට පත් කිරීමත් සමඟ ඔහු කොංගෝ ජනරජය තුළ දැඩි ප්‍රසාදයට ලක් වී තිබේ. මීට මාසයකට පෙර හිටපු අගමැති ජීන් මයිකල් සාමා ලුකොන්ඩේගේ ඉල්ලා අස්වීම ජුඩිත් සුමින්වාගේ පත්වීමට මග පෑදීය.