2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

ලන්ඩනයේ අශ්ව කුලප්පුව!

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 139

බකිංහැම් මාලිගය අසල හටගත් අශ්ව කුලප්පුවක් හේතුවෙන් ලන්ඩනය කැළඹී ගියේය. ලේවලින් තෙත් වූ සුදු අසෙකුද ඇතුළු මේ සතුන් විථී පුරා කලබලයෙන් දුවද්දී 5 දෙනකුට පමණ තුවාල සිදු වී තිබුණි. 

ලෙයින් පොඟවා ගත් සිරුර සහිත සතෙකුද ඇතුළුව සැදල සහ සන්නාහවලින් සැරුසුණු බ්‍රිතාන්‍ය හමුදා අශ්වයන් කිහිප දෙනකු බදාදා ලන්ඩනය පුරා අවුල් ජාලාවක් ඇති කළ අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබුණි. බකිංහැම් මාලිගය, ටවර් පාලම සහ ස්ට්‍රෑන්ඩ් ඇතුළු නගරයේ කාර්යබහුල ප්‍රදේශ හරහා රුධිරයෙන් වැසී ගිය සුදු අශ්වයකු ඇතුළුව අවම වශයෙන් තවත් දෙදෙනකු සමාජ මාධ්‍යවල පළ වූ දර්ශනවල දක්නට ලැබුණි. රිදී Mercedes-Benz රථයක ඉදිරිපස වීදුරුවට කඩා වැදීමෙන් සුදු අශ්වයා තුවාල ලබා ඇති බව එම වාහනයේ හිමිකරු පුවත් සේවයකට කියා තිබුණි. මධ්‍යම ලන්ඩනයේ පෙළපාළි පිටියක චාරිත්‍රානුකූල අශ්වාරක්ෂක පෙළපාළි ව්‍යායාම කරමින් සිටියදී අශ්වයන් තම අසරුවන් විසි කර දමා දිව යාමෙන් පසුව මෙම විනාශය දිග හැරී ඇත. ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය හමුදා සහායද ලබා ගනිමින් අසුන් අල්ලා ගැනීමට මෙහෙයුමක් අරඹා තිබුණි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00