2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ෂී ජින්පිං ඇමෙරිකාවට අනතුරු අඟවයි!

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 149

ශීඝ්‍රයෙන් නැගී එන චීනයේ ආර්ථිකය, වෙළෙඳාම, විද්‍යාව සහ තාක්‍ෂණය යටපත් කිරීමට එක්සත් ජනපදය නිමක් නැති පියවර දියත් කර ඇති අතර චීන සමාගම්වලට එරෙහි සම්බාධක ලැයිස්තුව මේ වන විට තවත් දිගු වෙමින් පවතී.

මේ හේතුවෙන් එක්සත් ජනපදය දිගටම "චීනයේ අධි තාක්‍ෂණික සංවර්ධනය"  මැඩපැවැත්වීමට කටයුතු කරන්නේ නම්, බීජිං "නිෂ්ක්‍රීයව නොසිටින" බව චීන ජනාධිපති ෂී ජින්පිං සිය එක්සත් ජනපද සගයා වන ජෝ බිඩෙන්ට දුරකථන සංවාදයකදී අනතුරු අඟවා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත. “එක්සත් ජනපදය චීනයේ අධි තාක්‍ෂණික සංවර්ධනය යටපත් කිරීමටත්, සංවර්ධනය සඳහා චීනයට ඇති නීත්‍යානුකූල අයිතිය අහිමි කරන්නටත් කටයුතු කරන්නේ නම්, අපි නිකම්ම බලා නොසිටිමු,” යැයි  ජනාධිපති ෂී අනතුරු අඟවා තිබේ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00