2025 ජුලි 26 වන සෙනසුරාදා

පෘථිවි භ්‍රමණ වේගය ඉහළට Y2K නැවත එයි?

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 63

මෙම ගිම්හානයේදී පෘථිවිය වේගයෙන් භ්‍රමණය බවත්, ඒ හේතුවෙන් සමහර දින සඳහා සම්මත පැය 24 ට වඩා තරමක් අඩුවෙන් කාලය ගත වන බවත් තාරකා විද්‍යාඥයෝ කියති. ජාත්‍යන්තර පෘථිවි භ්‍රමණ සහ විමර්ශන පද්ධති සේවය සහ එක්සත් ජනපද නාවික නිරීක්ෂණාගාරයේ දත්තවලට අනුව timeanddate.com විසින් සම්පාදනය කරන ලද පුරෝකථනවලට අනුව, ජූලි 10 වැනි දින මේ දක්වා වසරේ කෙටිම දිනය වූ අතර එය පැය 24 ට වඩා මිලි තත්ත්පර 1.36 ක් අඩු විය. ජූලි 22 සහ අගෝස්තු 5 යන දින ද වඩාත් අසාමාන්‍ය ලෙස කෙටි දින ලෙස පැමිණෙනු ඇති අතර, දැනට පුරෝකථනය කර ඇත්තේ පිළිවෙළින් පැය 24 ට වඩා මිලි තත්ත්පර 1.34 ක් සහ 1.25 ක් කෙටි වනු ඇති බවයි.

දවසක දිග යනු ග්‍රහලෝකය එහි අක්ෂය වටා එක් සම්පූර්ණ භ්‍රමණයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලයයි. සාමාන්‍යයෙන් පැය 24 ක් හෝ තත්ත්පර 86,400 කි. නමුත් යථාර්ථය නම්, චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ ඇදීම, වායුගෝලයේ ඍතුමය වෙනස්කම් සහ පෘථිවියේ ද්‍රව හරයේ බලපෑම වැනි විවිධ සාධක හේතුවෙන් සෑම භ්‍රමණයක්ම තරමක් අක්‍රමවත් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස, සම්පූර්ණ භ්‍රමණයකට සාමාන්‍යයෙන් තත්ත්පර 86,400 ට වඩා තරමක් අඩු හෝ තරමක් වැඩි කාලයක් ගත වේ. මෙය එදිනෙදා ජීවිතයට කිසිදු පැහැදිලි බලපෑමක් ඇති නොකරන මිලි තත්ත්පර ගණනක විෂමතාවයක් පමණි. නමුත් කෙසේ වෙතත්, මෙම විෂමතා දිගු කාලීනව පරිගණක, චන්ද්‍රිකා සහ විදුලි සංදේශ කටයුතුවලට බලපෑ හැකිය. එබැවින් කුඩාම කාල අපගමන පවා 1955 දී හඳුන්වා දුන් පරමාණුක ඔරලෝසු භාවිතයෙන් නිරීක්ෂණය කෙරේ. සමහර විශේෂඥයන් විශ්වාස කරන්නේ මෙය නූතන ශිෂ්ටාචාරය නතර කිරීමට තර්ජනය කළ Y2K ගැටලු‍වට සමාන තත්ත්වයක් ඇති කළ හැකි බවයි.