2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

වසර 75කට පසු ඩුබායි වැලි කතර තෙමුණේ කෘත්‍රිම වැස්සකින්ද?

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 243

වසර 75කට පමණ පසුව ඩුබායි වැලි කතර ගංවතුරෙන් යට කරමින් ඇද හැලුණු මහ වැස්සට හේතුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වළාකුළු වැපිරීමේ වැඩසටහන හෙවත් කෘත්‍රිම වැසි ඇති කිරීමේ උත්සාහයක් නිසා සිදුවූවක්ද යන්න ගැන දැන් සැක පහළ වී තිබේ.

ඉකුත් අඟහරුවාදා ඇද හැලුණු මහ වැස්ස හේතුවෙන් ඩුබායි හි ‌බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වී, වීදි ගංගා බවට පත් විය. ලෝකයේ දෙවැනි තැනට කාර්යබහුලම ගුවන් තොටුපළ කාලයකට වසා දැමිණි. ඉන් නිවාස සහ ව්‍යාපාර රුසකට හානි සිදුව ඇති   අතර ගංවතුරට හසුවූ 70 හැවිරිදි එක් පුද්ගලයකු මිය ගොස් ඇත. අසල්වැසි ඕමානයේද, අඛණ්ඩව දින තුනක අධික වර්ෂාවෙන් පසු පාසල් සිසුන් ඇතුළු පුද්ගලයන් 19 දෙනකු මිය ගිය බව වාර්තා විය.

රටේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ නිලධාරීන් වර්ෂාව ඇතිවූයේ කෘත්‍රිම වැසි වළාකුළු ඇති කිරීම නිසා නොවන බවට අදහස් දක්වා තිබුණි. සාමාන්‍යයෙන් කෘත්‍රිම වැසි ඇති කිරීම සඳහා වූ උත්සාහයන් දශක ගණනාවක් තිස්සේ පැවත ඇති නමුත් එහි සාර්ථකත්වය පිළිබඳ සාක්ෂි ලැබී නොමැත. එසේ වුවද එක්සත් අරාබි එමීර් රාජ්‍යය, චීනය සහ එක්සත් ජනපදය ඇතුළු සමහර රටවල් තවමත් කාලගුණය වෙනස් කිරීමට ගන්නා උත්සාහයන් නතර කර නැත.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00