2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

කපුකමක්

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 702

පොහොට්ටු කස්ටිය පසුගියදාක අලුත් ආණ්ඩුවක් හැදුවට ඒකෙ පැවැත්ම අන්ෂුවර් මට්ටමට පත්වුණත් එයාලටත් ඕන තරම් කරණම් යෝජනා ආවලු.

මෙයින් වඩාත්ම ආන්දෝලනාත්මක යෝජනාව ගෙනාවෙ උඩරට පළාතෙ දිසාවකට නායකත්වය දෙන කටකාර ඇමැති සයිස් පොරක්. ඉතින් මේ දේශපාලන කපුවා පොහොට්ටු ලොක්කට යෝජනා කළේ අලි පාටි ආණ්ඩුවෙ වගේම ඊට කළින් තිබුණ මහින්ද රජයෙන් කැබිනට් පට්ටමක් දරාපු බස්නාහිර පළාතෙ කටකාර බොහොම සැර දේශපාලුතුමෙක් ගැනලු.

හැබැයි උන්නැහේ පසුගිය කාලෙ හිටපු ලොකු තැනලට වේදිකාවල සැරට කතා කරපු නිසා කපුවා මේ යෝජනාව ගෙනාවෙ පරෙස්සමින් කියලයි ආරංචි. ඒ නිසා මුලින්ම කපුවා තමන්ගෙ යෝජනාව රටේ ලොකු තැනට දැම්මා. උන්නැහේ ඒකට විරෝධය පළනොකළ නිසා ඊළඟට මහින්ද උන්නැහේ හම්බුවෙලා හොඳ වෙලාවක් බලල කපුවා තමන්ගෙ අදහස සීරුවෙන් ඉදිරිපත් කළා...

කපුවගෙ යෝජනාව අහපු මහින්දට “හිතෙන්” මල පැන්නත් මුකුත් නොකියා “හ්ම්* ගාල දියාරු ප්‍රතිචාරයක් දැක්වූවා...

ඊට පස්සෙ කපුවගෙ යෝජනාව තමන් එක්ක මෙච්චර කල් හිටපු මැතිඇමැති කස්ටියට කිව්වා...

කපුවගේ අදහස කිව්ව විතරයි එතන හිටපු මැති ඇමැතිල 25ක් විතර පරලවෙලා බර අවි අමෝර ගෙන කපුවටයි කපුවගෙ යාලුවටයි හොඳ හැටි දෙසුවලු... ඒ නිසා කපුවා මාරු වුණා... කපුවා එක්ක එන්න හදාපු හිටපු ඇමැති සයිස් උන්නැහේ දැන් මුකුත් වුණේ නැහැ වගේ ඉන්නවලු.

 

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00