2024 මැයි 04 වන සෙනසුරාදා

දේව දඬුවමක්ලු

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 628

රටේ ලොකුම ලොකු ආයතනයක අධිපතිකම කරන එක්තරා ලොක්කෙක්ගෙ කොළඹ 7 පිහිටි නිල නිවෙසට හෙනයක් වැදිලලු. සිංහල අවුරුද්දට දවස් දෙක තුනකට කලින් මේ හෙන පාර වැදිල කියලයි ආරංචි...

කොළඹ 7 ප්‍රධානම පාරේ මේ වගේ අධිපතිවරුන් තුන් හතර දෙනෙක්ගෙ නිල මැඳුරු තිබෙනව. ඒ අතරෙ තමයි මේ නිල මැඳුරත් තිබෙන්නෙ.

මේ මැඳුරට හෙනය පතිත වන වෙලාවෙ ඒ ආයතනෙ අධිපති ලොක්කත් එයාගෙ බිරිඳත් මේ මැඳුරෙ ඉඳල.. වාසනාවට එයාලට කරදරයක් වෙලා නැතත් ගෙදර තිබුණු රුපියල් කෝටි ගණනක් වටින විදුලි උපකරණ සේරම විනාශ වුණාලු...
කොහොම හරි මේ හෙන වැදිල්ල සිද්ධ වුණේ මහ රූ නිසා ඒක රහසක් හැටියට තියාගන්න ඒකෙ ලොක්කො ට්‍රයි කරනවලු.

ඒත් විශාල ජනතා විරෝධයකට පසුගිය කාලෙ ලක්වුණු මේ ලොක්කගෙම ආයතනේ ඉන්න රතු මල්ලිල මේ කතාව හෙමින් හෙමින් ප්‍රචාරය කරන බවත් ආරංචියි.

එයාල කියන හැටියට මේක දේව දඬුවමක් කියලයි කියැවෙන්නෙ.

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00