2024 මැයි 04 වන සෙනසුරාදා

පට්ටමට සැට්වීම

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 637

ආණ්ඩුව ආණ්ඩුකාර කුට්ටම අනන්න තීන්දු කළාම එක්තරා හිටපු ඇමැති සයිස් දේශපාලුතුමෙක් රටේ මහ කන්තෝරුවෙ ලොකු මහත්තයෙක් හම්බවුණාලු. එහෙම හමුවෙලා කිව්වලු මට අහවල් පළාතෙ ආණ්ඩුකාර පුටුව දුන්නොත් ඊළඟ මහපුටු ඡන්දෙදි ඔබතුමාලට ඡන්ද ලක්ෂ තුන හතරක් අරන් දෙන්න මට පුළුවන් කියල...

එහෙම කියල උන්නැහේ තමන්ගෙ ගම් පළාත වන නැගෙන-හිර පළාත ඉල්ලුවලු..ඒත් උන්නැහේ එක්ක ඒ පළාතෙ ඉන්න අනික් ප්‍රධාන දේශපාලුතුමාල තද අමනාපෙකින් ඉන්න නිසා ඒක කරන්න අමාරු බවයි මහ කන්තෝරුව කියල තිබෙන්නෙ.

ඊළඟට උන්නැහේ වෙන පළාතක් ගැනත් කිව්වලු. ඒ පළාතෙ දැන් ඉන්න ආණ්ඩුකාර තැන ජනප්‍රිය නිසා එයාවත් යවන්න බැහැ කියල.. අන්තිමේදි එයාට මුලින් දෙන්න හදාපු පළාතම ඕනෑ නම් ගන්න කිව්වලු... කොහොම හරි අන්තිමට උන්නැහේ ඒකට කැමැති වෙලාලු.