2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

තනතුරේ රස්නෙ

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 586

අපි කියන මුන්නැහේ එක්තරා රාජ්‍ය මට්ටමේ ඇමැති සයිස් මහත්තයෙක්. සමහරු කියන විදියට උන්නැහේට තනතුරේ රස්නෙ ඉහට ගහලලු.

කොච්චර ඉහට ගහලද කියනව නම් මුන්නැහේ තමන්ගෙ ගෙදර ඉන්නකොටත් දොර ළඟ ආරක්ෂක භටයො නවත්තගෙනලු ඉන්නෙ. එයා ගේ ඇතුළෙ ඇවිදිනකොටත් ආරක්ෂක භටයෙක් පස්සෙන් යන්න ඕනෙලු.

මේක දැන් නාට්‍යයක් වෙලා කියල එයාගෙම ආරක්ෂක භටයො කියන්න පටන් අරන්...

කොළඹින් ඈත රජරටට කිට්ටු පළාතකින් එන දේශපාලන පවුලක තුන්වැනි පුරුක හැටියට දේශපාලනේ කරන මුන්නැහේ මෙහෙම ගියොත් ඊළඟ ඡන්දෙදි ටිකට් කපාගන්නව කියල තතු දත් අය කියනව. දැනටත් මේ පවුලෙ දෙන්නෙක් දියවන්නාවෙ ඉන්න බවත් ආරංචියි.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00