2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

වලියකට මුල

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 633

ළඟදිම පොහොට්ටුවේ මැති ඇමැතිවරු අතරයි, සංවර්ධන සමෘද්ධි නිලධාරින් අතරයි ලොකු ගැටුමක් ඇතිවෙන්නලු යන්නේ. ඒකට හේතුව ආණ්ඩුවේ හාල් බෙදිල්ලලු. මේ හාල් බෙදන වැඩේ බලය පවරලා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් හරහා සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරින්ටලු. ඉතින් මේ අය මේක පහුගිය ටිකේ බෙදුවලු. ඒත් පහුගිය දවසක පොහොට්ටුවේ මැති ඇමැතිලා ඒ හාල් බෙදන නම් ලැයිස්තුව ඉල්ලලා ඒව බෙදුවලු.

මේක අරගත්ත පොහොට්ටුවේ ඈයෝ දැන් ගෙයක් ගෙයක් ගාණේ ගිහින් සම්මුඛ පරීක්ෂණ තියලා ප්‍රශ්න අහනවලු. අහලා කියනවලු ඔයාටත් හාල් දෙනව අපි කියලා. ඊට පස්සේ හාල් ටික අරන් යන නිලධාරියා එක්ක හාල් දෙනවලු. දැන් මේක ඉවසන්න බැරි නිසා රාජ්‍ය නිලධාරින් ටික අද හෙටම මේ වැඩේට විරුද්ධව ලෙඩේ අදින්නලු යන්නේ. බොහෝ විට වැඩේ අත් අරින්නත් ඉඩ තියෙනවලු. මේ ඡන්ද රඟපෑම ගැන කට්ටියටම තරහ ගිහින්ලු ඉන්නේ. මේ වැඩේ ගොඩක් කරන්නේ පළාත් පාලන බබාලා ටිකක්ලු.