2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

තවත් ජොකියෙක් සලු වෙන්න හදයි

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1233

බලවත් විදේශ රටවල තානාපති මට්ටමේ මහත්වරුන්ගෙන් මුණගැසීමට වේලාවල් ඉල්ලන ආණ්ඩුවේ ඇමැති කෙනෙක් ඉන්න බව ආරංචියි. මේ දිනවල තානාපති කාර්යාල ගණනකට උන්නැහේ ලියුම් යවල මුණගැසීම් ඉල්ලා තිබෙන වගයි කියැවෙන්නෙ. 

ආණ්ඩුවට සම්බන්ධ කට ඇති පුතෙක් වන මෙයා වමෙන් දේශපාලනෙ පටන් අරන් පසුව දකුණට කැරකුණ කවදාවත් පරාජිත වෙන්න සූදානමක් නැති කෙනෙක්ලු.

මුන්නැහේ මේ විදියට තනාපති අංශ එක්ක කතා කරන්න යන්නෙ ලබන අවුරුද්දෙ එන මහපුටු ඡන්දය ගැනලු... ඒකට තමන් අපේක්ෂිතයෙක් ලෙස ආවොත් සහය දෙනවද කියල අහන්න යනවය කියල උන්නැහේට සමීප ආරංචි මාර්ග වැඩිදුරටත් කියනව.

අතපාටියෙ ජ්‍යෙෂ්ඨයො කණ්ඩායමකත් අලි පාටියෙම පිරිසකුත් තමන්ගෙ පිරිසකුත් ඇන්.ජී.ඕ. කස්ටියකුත් තමන්ගෙ උදව්වට ඉන්න බවත් මුන්නැහේ කියනවලු.

ඒ නිසා තමන් මහපුටු තරගෙ ජොකියෙක් වුණොත් සප් එක දෙන්න කියන ඉල්ලීම එයා ඉදිරිපත් කරන වග... කියැවෙනවා...