2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

මංගල තෑග්ග

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1308

පසුගියදාක අරලිය මැඳුරේ ජයට මඟුල්කාපු චතුර පුත්‍රයාගේ මංගල්ලෙ ගැන කතාවල් තවමත් ඉවර නැතිලු.... දහස් ගණනක අමුත්තන් ඇරුයුම් ලබා තිබුණ සුපිරි මේ මංගල්ලෙට පැමිණ සිටිය හුඟක් තරුණ පිරිස් මනමාලයගෙ මිතුරන්ලු....

එයාලා තමන්ගෙ මිත්‍රයගෙ ආසාවන් වුවමනාවන් ගැන හොඳින්ම දන්න අය බවත් ආරංචියි...

ඉතින් මේ මිත්‍රයො හුඟ දෙනෙක් තමන්ගෙ යාළුවා වැඩිපුරම ආස කරන දෙයක් එයාගෙ මගුල් තෑග්ග හැටියට දීලය කියලා තිරය පිටුපස කතාවක් ගියා....

අන්තිමට මේ ගැන හොයාගෙන බලාගෙන යනකොට දැනගන්න ලැබුණෙ චතුර පුත්‍රයට ලැබුණ විශාල මංගල තෑගි ගොඩේ වැඩියෙන්ම තිබුණෙ සීතලට අඳින ජර්සි බවයි... එහෙම හුඟ දෙනෙක් &ජර්සි* තෑගි දෙන්න හේතුව එයා පුංචි කාලෙ ඉඳලම ජර්සි වලට ආස කරන නිසාලු. මේ බව දන්න නිසාලු එයාගෙ මිත්‍රයො තමයි ජර්සි තෑගි දීලා තිබෙන්නෙ....

ඒත් එක්කම ආණ්ඩුවෙ ඉහළම මන්දිරේක ඉන්න ප්‍රබල චරිතයක් මේ මංගල්ලෙට පස්සේ ඒ ගැන පොඩි විචාරයක් කළේ තමන්ගෙ පක්ෂයේ හිතවත් දේශපාලන සංවිධායකයන් පිරිසක් එක්කයි... එතෙන්දි උන්නැහේ කිව්වෙ වැඩේ නම් හොඳයි. හැබැයි මේ වගේ වැඩ අරයගෙ කාලෙවත් වුණේ නැහැ කියලලු...

එතෙන්දි උන්නැහේ අරයා කියන්නෙ කව්ද කියන එක නම් පැහැදිලි කරලා නැහැ. ඒත් එතන හිටපු සංවිධායකයො සේරටම අරයා කව්ද කියන එක ටක් ගාලා තේරුණාලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00