2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

එයාටත් මතක නැතිලු

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 745

පසුගිය දවස්වල මාද්දියෙන් පුවත් මවාපු පොහොට්ටුවෙ ලොක්කෙක් ඉන්නවා.... වෙලක තියන ගමක ඉපදුණු මුන්නැහේ පොහොට්ටුවෙ වගේම අත පාටියෙත් හිටපු ජ්‍යෙෂ්ඨයෙක්....

ඉතින් එයා තමන්ගෙ ජ්‍යෙෂ්ඨකම හින්ද පාටියෙ ලොකු තැනක් ඕන බවත් රටේ මහ පුටුවලට වුණත් තමන් ගැලපෙනවය කියන කතාවත් කියන්න ගත්තා. ඒ වගේම පොහොට්ටුවෙ ඊළඟ මහපුටු අපේක්ෂකය බව කියන හිටපු ආරස්සක ලොක්කටත් අරව මේව කියන්න වුණා. මේ කෙරැවාව ටික දවසක් ඉවසගෙන හිටපු ලොකුතැන වාර දෙක තුනක් උන්නැහේට සුළු අවවාද කළ බවත් කියැවුණා...

ඒ සියල්ල කරලා තිබියදීත් ඔය කියන පොහොට්ටු ජ්‍යෙෂ්ඨය පසුගියදාක තමන් කාටවත් කඩේ යන්න සූදානම් නැත කියල තවත් ලොකු කතාවක් කළාම හිටපු ලොකු තැනට සැරටම කේන්ති ගියාලු... උන්නැහේ කේන්ති පිට ඉන්න කොට මේ දේශපාලන සගය මගුල් ගෙදරකදි මුහුණට මුහුණ හම්බවුණා.... ඔන්න ඒ පාර එතෙන්දි වැඩේ පත්තු වුණා කියල කියනවා....

මම මේ ඔහේට හොඳින් කියන්නෙ. මම කිව්වෙ නැහැ ඔහේට අපිට කඩේ යන්න කියලා.... ඔයා ඔය දැන් කරන්නෙ වෙන කාගෙද කොන්තරාත් එකක්.... ඔහේ ඔය කරන වැඩවලින් වදින්නෙ අපටමයි.... මම ඊළඟ ඡන්දෙට දාන්නෙ කාටත් පිළිගන්න පුළුවන් අපටත් විශ්වාසවන්ත කෙනෙක්. ඔහේට පුළුවන්නම් එයාට වැඩ කරන්න බැරි නම් නිකා ඉන්නවා... කියලා හිටපු ලොකුතැන කවදාවත් නැතුව දාපු බරබරේ නිසා කරකවලා අතෑරපු පොහොට්ටු ජ්‍යෙෂ්ඨයා බොහොම අමාරුවෙන් වචන එකතු කරන් සර් මම එහෙම කිව්වද? මට මතක නැහැනේ එහෙම කිව්ව බවක් කියලා... අමුතු පොතක් දැම්මා....

ඒ කතාවට හිටපු ලොකු තැනට සිනහ පහළ වුණා.... ආ දැන් ඔහේටත් මතක නැද්ද? ඒක මතක නැත්නම් කමක් නැහැ. මම දැන් කිව්ව ටික මතක තියාගන්නකෝ.... කියලා උත්තර දීලා එතැනින් යන්න ගියා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00