2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

ෂැංග්‍රිල්ලා ප්‍රතිමාව

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1026

පසුගිය කාලෙ කොළඹ නගරෙට අධිපති වෙලා හිටපු මහත්තයෙක් තව මිතුරකුත් විදේශිකයකුත් එක්ක ගාලු මුවදොර පැත්තෙන් කොළඹ කොටුවට යමින් හිටියා.

උන්නැහේලා ගමන් කළේ ජීප් රථයකින්... ගාලු මුවදොර මැදින් යනකොට ඒ පැත්තෙ ඉදිවෙන අලුත් හෝටල් ගොඩනැගිලි එහෙම දැකපු සුද්දා ඒ ගැන විස්තර අහන්න පටන් ගත්තලු.

පසුගියදා විවෘත කරපු ෂැංග්‍රිල්ලා හෝටලේ ඉදිරිපිටින් යද්දි සුදු මිත්‍රයට ප්‍රශ්නයක් මතුවෙලා ඒ හෝටලය ඉදිරිපිට තියන විශාල ප්‍රතිමාව මොකද්ද කියලා. ඔන්න ඒ පාර සුදු මිත්‍රයා නගරෙ අධිපතිගෙනුයි එයා එක්ක හිටපු යාළුවගෙනුයි ඇහුවා මොකද්ද මේ ප්‍රතිමාව කියලා...

ඒ පාර සුද්දට ලණුවක් දෙන්න හිතාපු නගරෙ ලොක්කා සහ මිත්‍රයා එතන තිබෙන බණ්ඩාරනායක ප්‍රතිමාව පෙන්නලා කිව්වලු ඒ තියෙන්නෙ “ෂැංග්‍රිල්ලා” ප්‍රතිමාව කියලා. ෂැංග්‍රිල්ලා හරි ප්‍රසිද්ධ නමක්නේ කියාපු සුද්දා ඒක මතක තියාගෙන තමන්ගෙ මිත්‍රයන්ටත් ෂැංග්‍රිල්ලා ප්‍රතිමාව ගැන කිව්වලු...

කොහොම හරි නගරෙට අධිපතිලා සුද්දට දීපු ලණුව ගැන රටේ ලොකු මහත්තයටත් පසුගිය කාලෙ දැනගන්න ලැබිලා...

උන්නැහේ මේක තමන්ගෙ කැබිනට් සගයොත් එක්කත් කියලා. කොළඹ හිටපු නගරෙ අධිපතිගෙනුත් ඇහුවලු... එහෙම අහලා විහිළුවෙන් වගේ කීවලු කොළඹ නගරෙ තියන මේ තරම් ප්‍රසිද්ධ ප්‍රතිමාවක් ගැන විදේශිකයකුට වැරදි තොරතුරු දීමේ වරදට හිටපු නගරාධිපති තැන තානාපතිකමකට පිටුවහල් කළා කියලා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00