2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

මහා විෂ්ණු පූජාවක්!

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 374

ඉදිරි කාලෙ බරපතළ දේශපාලන තීන්දු ගණනාවක් ගන්න යන ආණ්ඩුවෙ ප්‍රබල කෙනෙක් මේ දවස්වල තියෙන ග්‍රහ මාරු ආදිය නිසා ජ්‍යොතිෂ උපදෙස් ගන්න ප්‍රධාන පෙළේ දෛවඥයෙක් මුණගැහුණලු.

උන්නැහේගේ මන්දිරයට කැඳවපු ජ්‍යොතිෂවේදියා පවතින ග්‍රහ මාරු, ග්‍රහ කැළැඹීම් ආදිය ගැන විග්‍රහයක් කරල උන්නැහේට ජ්‍යොතිෂ උපදෙසක් දුන්නලු. ඒකෙන් කියැවුණේ පවතින ග්‍රහ තත්ත්වයෙන් යහපතක් කරගන්න නම් නිශ්චිත දින ගණනාවක් තුළ “මහා විෂ්ණු” දෙවියන් වඳින්න කියලලු...

මේ උපදෙස තදින් හිතට ගත්තු දේශපාලන නායකතුමා ගිය සුමානෙ දවසක කුකුළ හඬලන හිමිදිරි පාන්දර තමන්ගෙ ආරක්ෂකයොත් නැතුව නෝන මහත්තයත් එක්ක දෙහිවල පැත්තෙ තියන මහා විෂ්ණු කෝවිලට ගියාලු...

ගිහිල්ල බොහෝ වේලාවක් මෙත් සිතින් පුදපූජා පවත්වල ලොකු භාරයකුත් වුණා කියලයි තතු දත් අය කියන්නෙ.

මේ පූජාව කරන්න ගිය දේශපාලන ප්‍රබලය ඉදිරි කාලෙදි පෙරළිකාර තීන්දු ගණනාවක් ගන්නවය කියන කොළඹ 7 පදිංචි කෙනෙක්.

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00