2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

පන්සලේ වාග් සංග්‍රාමය

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 430

සෙංකඩගල පුරේ පැත්තෙ මහ ලොකු පන්සලකදි ඊයෙ පෙරේද ආණ්ඩුවෙ ලොකු ඇමැති කෙනෙකුයි පළාත් ආණ්ඩුකාර පට්ටමක් දරන කෙනෙකුයි අතරෙ වාග් සටනක් ඇතිවෙලා.

අවුරුදු නිවාඩු කාලෙ ඇමැති තැන පන්සලට ආවෙලාවෙ ආණ්ඩුකාර තැනත් එතන ඉඳලා ඇතිවූ කතාබහක් දුරදිග ගිහිල්ලයි මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙ. මේ තුන් ලෝකෙ විතරක් නෙවෙයි නවග්‍රහ මණ්ඩලේම තමන්ගෙ බලයට අනුව නටවන්න පුළුවන් කියන ආණ්ඩුකාර තැන රටේ ඉහළම මන්දිරවලත් නිතර ගැවසෙන නිසා හරි බලවත්ලු.

ඉතින් ලෝක ප්‍රකට ව්‍යාපාරිකයකුත් වන අලිපාටියෙ ජාතික ලැයිස්තු ඇමැතිතුමාට අතින් පයින් සංග්‍රහයක් කරන්න හිතෙන බව ආණ්ඩුකාර තැන කිව්වලු. ඒත් ඒ කතාව ගණන් නොගත්ත ඇමැතිතුමා ආපයින්ම වාහනේට නැගල යන්න ගියලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00