2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

වැටුපට විදින්නා

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 833

අපේ රටේ ජනප්‍රියම ක්‍රීඩාවේ පුහුණුකාරයගෙ ප්‍රශ්නය ආයෙම ඇදිලා... උන්නැහේ වෙන රටකින් මේ රටට ගෙනාපු කෙනෙක් වුණත් එයා ශ්‍රී ලංකාවෙ නිෂ්පාදනයක් බව හැමෝම දන්නවා... 

ඒත් අපි කියන්න යන කතාව ඒක නෙවෙයි... මේ පුහුණුකාරයට ගෙවන ඩොලර් ඉලක්කම් ගණනක දැවැන්ත වැටුපෙන් කොටසකට තට්ටු කරන බලවතෙක් ගැනයි..

මේ විදියට පුහුණුකරුගෙ වැටුපෙන් ඩොලර්වලින් දහ දාහක් විතර තමන්ගෙ සාක්කුවට දාගත්ත තැනැත්තෙක් ගැන ඊයෙ පෙරේදා රටට මුලින්ම කිව්වෙ රටේ සෙල්ලම් භාර ඇමැතිමයි.

ලෝ කිසිම රටක පුහුණුකාරයකුට නොගෙවන තරම් අසීමිත වැටුපකට මේ පුහුණුකාරයා ගන්න මුල් වුණෙත් ඔය පඩියට තට්ටු කරන හාදයම බවයි අපට ආරංචි...

ලොකු පඩියකට ඇවිත් කිසිම වැඩක් පෙන්නුවෙ නැති පුහුණුකරැ ගෙදර යවන්න හදනකොට මේ මේ වැටුප් කාක්කා එකහෙළා ඒකට විරැද්ධලු... ඒකත් පුදුම වැඩක්!

කොහොම හරි අපට දැනගන්න තියෙන විදියට ලංකාවෙ ජනප්‍රියම සෙල්ලමට විෂබීජයක් වෙලා කියන කළු කෝට්ධාරී දියවන්නා කවුන්සිල් මෑන් කෙනෙක් මේ වැඩේ කරන වගයි කියවෙන්නෙ.

මේ පුද්ගලයා රටේ ජනප්‍රියම සෙල්ලමට සම්බන්ධවෙලා ඉන්නකම් ඔය ක්‍රීඩාව නංවනවා බොරැ කියලා තතු දත් අය කියනවා.

 

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00