2019 ජනවාරි 12 වන සෙනසුරාදා

මාරු අමාරුව

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 521

කාකිසූට් දෙපාර්තමේන්තුවෙ තරමක් ඉහළ නිලතල දරන කස්ටියක් සඳහා ස්ථාන මාරු ලැබුණ කියමුකො... මේ මාරුවීම් ලැබුණෙ කාලයක් තිස්සෙ කරපු විපරම් පරීක්ෂණ අරව මේවයින් පස්සෙලු...

කොහොම නමුත් මේ තැන් මාරු ලැයිස්තුව නිකුත් වුණාම ඒකත් අරන් එක්තරා දේශපාලුතුමෙක් රටේ ලොකු තැන හමුවෙන්න ගියා. එතකොට උන්නැහේ හිටියෙ ඈත පළාතක තියෙන මන්දිරේකලු. මේ දේශපාලුතුමා මධ්‍යම පළාතෙ එක්තරා පිටියකින් ආපු නඩු හබ එහෙමත් තියෙන කෙනෙක් වගයි කියැවෙන්නෙ.

කොහොම හරි උන්නැහේ මේ ලැයිස්තුවත් අරන් ලොකු තැන හමුවෙලා ලොකු පැමිණිල්ලක් දැම්ම සර් මේ ලැයිස්තුවෙ හැටියට කාකිසූට් ලොක්කො පත්කරල තියෙන්නෙ අහවල් පාටියට සපෝට් එකට... එයාලගෙ ඡන්ද වැඩට ඕන කොන්තරාත් ඉටුකරවගන්නයි... මේක කරලා තියෙන්නෙ. ඒ නිසා මේක නම් සිද්ධවුණොත් අපට හොඳ මදි... උන්නැහේ කණිපින්දම් කියන්න පටන් ගත්ත. ඊටපස්සෙ ගතවුණේ පැය දෙක තුනයි... කාකිසූට් මාරැ ලැයිස්තුව දැන් තියෙන්නෙ කුණු කූඩෙලු. හැබැයි ඒ වැඩේට කාකිසූට් කන්තෝරැවෙ ලොක්කට මළ පැනල නොයෙක් දේවල් කියනව කියලත් ආරංචියි. කොහොමහරි ලඟදිම අලුත් ලැයිස්තුවක් එනවලු.