2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

පුටුවෙන් බහින්න බැරිලු

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 799

අලි පාටියෙ ප්‍රතිසංස්කරණයට ඉඩකඩ ලබාගන්න පක්ෂයෙ ඉන්න පරණ ලොක්කො තුන්දෙනකුට ජ්‍යෙෂ්ඨ උපදේශක සයිස් පට්ටම් දීල ඇමැති පට්ටම්වලින් එහාට මෙහාට කරන්න තීන්දුවක් අරන්ලු.

තරුණ කස්ටියට තැනක් ඕන කියන මැසිවිල්ලට පිළිතුරු හැටියටයි මේ වැඩිහිටියො එහෙ මෙහෙ කරල අත්දැකීම් සහිත තරුණයො දෙතුන් දෙනෙක් ඉස්සරහට ගේන්න තීන්දු කළේ. ඒක ඉස්සරහට යන පක්ෂයක වැදගත් ලක්ෂණයක්. ඒත් දැන් ආණ්ඩුවෙ පුටුවල වාඩිවෙලා ඉන්න වැඩිහිටි ජ්‍යෙෂ්ඨයො ඒවයින් බස්සන එක හිතන තරම් ලේසි නැතිලු...

අලි පාටියෙ ඉහළම මණ්ඩලේ අණ පරිදි බළලගෙ කරේ මිණිගෙඩිය බැඳීම හෙවත් මේ අනතුරුදායක යෝජනාව ජ්‍යෙෂ්ඨයො තුන්දෙනකුට ඉදිරිපත් කරල අනුමැතිය ගැනීම පැවරුණේ පක්ෂයෙ ඒ වගේ වික්‍රමාන්විත වැඩවලට නම් දැරී ජ්‍යෙෂ්ඨ වික්‍රම කෙනකුටලු...

ඉතින්.. කාටත් මචං කියලා කතා කරන පක්ෂයෙ ඉහළම තනතුරක් දරන උන්නැහේට මේ යෝජනාව කරන්න වුණේ තවත් වික්‍රම කෙනකුටයි අමර වැඩ ගැන නම් දැරූ කෙනකුටයි ස්වාමි උන්නැහේටයිලු. ආණ්ඩුවෙ ඉහළම මන්දිරේකදි මේ තුන්දෙනා ගැන ඉහළින් කළ යෝජනාව ඉතාම කූල් එකේ උන්නැහේලට ඉදිරිපත් කළාම මේ තුන්දෙනාගෙන් එක්කෙනකුට එක පාරක් නෙවේ හත් පාරක්ම මල පැන්නලු...

තල් අත්තට බොරලු දමන්න වගේ ලොකු වාග් ප්‍රහාරයක් එල්ල කරල යෝජනාව කළ කෙනාගෙ ශරීරයෙ අවයව අඩු කරන බව කියල කනට කරන දේ ගැනත් කිව්වලු... අන්තිමට මේක වික්‍රම-වික්‍රම ගෝරියක් වෙන්න නොදී ලොකු ලොක්කො සටන් විරාමයක් ඇති කරල ගින්න නිව්ව බවයි ආරංචි.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00