2017 මැයි 13 වන සෙනසුරාදා

කල්ගිය හේතුව

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 353

ඇමැති සංශෝධනේට බාලගිරි දෝෂෙ ලබලා... ඒක නොකෙරෙන තැනට හුඟක් හේතු අලි පාටියෙන් ඉදිරිපත් වෙලා තියනවා කියලයි කියන්නෙ.

විදේශ අමුත්තො පැමණීම විදේශ චාරිකා සිදුවීම විදේශ සමුළු තිබීම වගේ නොයෙක් හේතුකාරණා නගා කැබිනට් කුට්ටම අනන එක ප්‍රමාද වෙනවා...

පසුගිය වෙසක් පෝයට කලින් ඇමැති වෙනස වෙනවය කියල ආණ්ඩුවෙන් පොරොන්දුවක් ලැබිලා තිබුණත් ඒකටත් අන්තිමේ පොල්ලක් වැටණලු.

ඉදිරිපත් වුණ හේතුව වෙසක් උත්සවේට ඉන්දියන් නායකතුමා පැමිණීම කියලා ආරංචියි.
උන්නැහේ පිළිගන්නයි ඒකට තියන ජාතික උත්සවවලයි ආසන සැලැසුම දැනට තියෙන ඇමැති මණ්ඩලේ පට්ටම් හා ජ්‍යෙෂ්ඨත්වය අනුව සකස්කරල තියෙත්දී කැබිනට් වෙනසක් කළොත් මේ රාජ්‍ය උත්සවේ ආසන සැලැසුමයි... ජ්‍යෙෂ්ඨ බව සැලසුමයි දෙකම වෙනස් වේවිලු. එහෙම වුණොත් ඒක සම්මුති ආණ්ඩුවට හොඳමදිය කියලත් තර්කයක් මතුවෙලා...

අන්තිමේදි ඒ තර්කය වැඩකරලා වෙසක් පෝයට කළින් කරනවය කියාපු ඇමැති සංශෝධනේ දින නියමයක් නැතුව කල්ගියා කියලා සමහරු කියන්න පටන් අරන්.