2020 මාර්තු 14 වන සෙනසුරාදා

කතා කරන්න එපා

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 564

උතුරු සන්ධානෙ ඉහළම පට්ටම් දරන දෙන්නෙක් මනාප ගෝරියක් නිසා හොඳටම විරසක වෙලා කතාබහ කිරීමත් නවත්තලා කියලා කියවෙනවා...

මෙයින් එක්කෙනෙක් උතුරු සන්ධානෙ ප්‍රධානම හවුල්කාර පක්ෂයෙ නායකයලු... සේනාවකට වුණත් අණ දෙන්න පුළුවන් මුන්නැහේ මේ පාර ගෝරියට පැටලිලා තියෙන්නෙ ඒ සන්ධානෙ අනාගත නායකයා වෙන්න ට්‍රයි කරන කොළඹින් පත්වුණු මන්තිරි සයිස් මහත්තයෙක් එක්ක බවයි කියන්නෙ...

වලියට හේතුව උතුරෙ වැඩවලට උතුරෙන් මන්ත්‍රී කස්ටිය පත්කරගත යුතුව තියෙද්දි මේ මන්ත්‍රී තැන කොළඹින් කාන්තා චරිත දෙකක් උතුරට කැන්දාගෙන ඇවිත් මනාප පොරේට තල්ලු කරන්න උත්සාහ දැරීමලු..

මේ හුටපටේ බහින්බස් වීමක් දක්වා දුරදිග ගිහිල්ලා ජ්‍යෙෂ්ඨ නායකයා අනෙකාට කිව්වලු මල්ලි තමුසෙ මීටපස්සෙ මට කතා කරන්න එපා.. කියලා. ඒකට උත්තර දුන් කොළඹින් ගිය මන්තිරි තැන ඔයාට හොඳ නම් මට මොකෝ.. මමත් ඔහේ එක්ක මීටපස්සෙ කතාබහ නවත්තනවා.. කියමින් කොක්කට ආවලු...

කොහොමහරි කොළඹින් උතුරට අපේක්ෂකයන් ආනයනය සම්බන්ධයෙන් මල පැනලා ඉන්න උතුරු සන්ධානෙ ජ්‍යෙෂ්ඨයො ඉස්සරහට මේ තැනැත්තට ලොකු පෝරියල් එකක් දෙන්න සැට්වෙන බවට තොරතුරු තියෙනවා... උතුරු සන්ධානෙ ලොක්කා මේවා දිහා බලාගෙන නිශ්ශබ්ද විලියම්ගෙ චරිතයට සමවැදිලා කියලත් ආරංචියි.