2020 ජනවාරි 04 වන සෙනසුරාදා

චීනයට දැඩි හිමපතනයක්!

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 188

චීනයට උතුරු දෙසින් පිහිටි මෝංගෝලියානු ස්වයංපාලන කලාපයේ මේ දිනවල අධික හිමපතනයකි. ඒ අධික හිමපතනය නිසා එම කලාපය ඉතාමත් සුන්දරව දිස්වීම  හේතුවෙන් එම කලාපයේ සංචාරක ව්‍යාපාරය කැපී පෙනෙන ලෙසින් වර්ධනය වී ඇත. එහි ඇති හිමපෙතේ හිම ක්‍රීඩාවේ නිරත වීමටත් සංචාරකයෝ දැඩි කැමැත්තක් දක්වති.
කලාපය වෙත වැඩි සංචාරක ආකර්ෂණයක් හිමිවීම හේතුවෙන් වර්තමානය වනවිට එහි ජනතාවගෙන් 40,000කට අධික පිරිසක් සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නි රතවී සිටිති. එමෙන්ම මෙම තත්ත්වය එහි පාරිසරික පද්ධතිය සඳහාත් වඩාත් සුබදායී කාලයක් උදාකර දී තිබේ.

ගස් කපාදැමීම වෙනුවට වැඩිවශයෙන් රුක්රෝපණය කර වනාන්තර සුරැකීමට ජනතාව කටයුතු කරන බව මේ වාර්තා වැඩිදුරටත් පවසයි.

ශීත සමයේදී යකේෂි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 40ක් වන නමුත් ඒ වෙත පැමිණ සිය මෝටර් රථවල ධාවන පරික්ෂා සිදු කිරීමට දේශීය මෙන්ම විදේශීය මොටර් රථ නිෂ්පාදන සමාගම් වැඩි කැමැත්තක් දක්වන බව චීන වාර්තා පෙන්වා දෙයි.

චීනයට මේ වනවිට ශීත සෘතුව උදාවී ඇති නමුත් බීජිං අගනුවර එතරම් ශීත කාලගුණයක් පවතින්නේ නැහැ. මේ සඳහා 2008 බීජිං ඔලිම්පික් උළෙල සඳහා යොදාගත් ක්‍රීඩාංගණයක් මුලුමනින්ම වෙනස්කර එය ශීත සෘතු ක්‍රීඩාපිටියක් බවට පත්කිරීමට ඔවුන් කටයුතු කර තිබුණි.