2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

ගැහුවොත් ගහන්න ඉරානය සීරුවෙන්!

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 78

ඊශ්‍රායලය ආරක්ෂා වන්නේ කෙසේද යන්න පිළිබඳව ඊශ්‍රායලය තමන්ගේම තීරණ ගනු ඇතැයි අගමැති බෙන්ජමින් නෙතන්යාහු බදාදා තදබල ප්‍රකාශයක් කළේය. ඒ   ඉරානයෙන් එල්ල වන ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර දැක්වීමේදී සංයමයෙන් කටයුතු කරන ලෙස බටහිර රටවල් ආයාචනා කර තිබෙන අතරතුරය.

එක්සත් ජනපදය, යුරෝපීය සංගමය සහ G7 කාර්මික රටවල් සමූහය ඉරානයට එරෙහිව දැඩි සම්බාධක සලකා බැලීමේ සැලසුම් මේ අතර නිවේදනය කරන ලදී. දශක ගණනාවක සිට තිරයෙන් පසුපස සිදුවූ ගැටුමකින් පසු ප්‍රථම වරට ඊශ්‍රායලයට එල්ල වූ ඍජු ඉරාන ප්‍රහාර සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් එරට වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබුණි.

මේ අතර ඊශ්‍රායලයේ සිට එන “කුඩාම ආක්‍රමණයක්” සඳහා වුවද “දැවැන්ත හා දරුණු” ප්‍රතිචාරයක් ගෙන එනු ඇතැයි ඉරාන ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබුණි. ජනාධිපති ඊබ්‍රහිම් රයිසි බදාදා වාර්ෂික හමුදා පෙළපාලියකදී මේ බව කීවේය. වෙනදා අධිවේගී මාර්ගයක පැවැති මෙම පෙළපාලිය ටෙහෙරාන් අගනුවරට උතුරින් පිහිටි බැරැක්කයකට සීමා කිරීමට රජය කටයුතු කර තිබුණි. රාජ්‍ය රූපවාහිනිය එය පෙර වසරවල මෙන් සජීවීව විකාශනය කළේද නැත. ඉරාන බලධාරීහුද එහි නැවත ස්ථානගත කිරීම ගැන කිසිදු පැහැදිලි කිරීමක් නොකළහ.

ඉරාන ජෙනරාල්වරුන් දෙදෙනකු ඇතුළු 12 දෙනකුට මරු කැඳවමින් අප්‍රේල් 1 වැනි දින සිරියාවේ ඉරාන තානාපති කාර්යාල පරිශ්‍රයට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉරානය සති අන්තයේ ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන සිය ගණනක ප්‍රහාරයක් දියත් කළේය. ඊශ්‍රායලය මෙහිදී, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, අසල්වැසි ජෝර්දානය සහ අනෙකුත් ජාතීන්ගේ සහාය ඇතිව, මිසයිල සහ ඩ්‍රෝන සියල්ලම පාහේ සාර්ථකව මැඩලන ලදී. මේ යුද්ධය තවත් ලෝක යුද්ධයකට මුල පිරීමක් වනු ඇතැයි බටහිර බිය පළ කර තිබුණි.

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00