2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

මොබිටෙල් තවත් පුරෝගාමී පියවරකට මුල පුරයි

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදකයා වන Mobitel සමාගම ජංගම දුරකථන සේවා ක්ෂේත‍්‍රය තුළ සිය ප‍්‍රමුඛත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ‘Master Unlimited Data’ දත්ත පැකේජය හඳුන්වා දී ඇත. ජංගම දුරකථනය ඔස්සේ ඉතා පහසුවෙන් ලෝකය ගවේෂණය කිරීම හා අත්විඳීම සඳහා සීමාරහිත ජංගම දත්ත පැකේජයක් සම්පාදනය කරමින් දත්ත පිපාසයෙන් පෙළෙන පරිශීලකයන් සංසිඳුවන මෙම පියවර ජංගම දුරකථන ක්ෂේත‍්‍රය තුළ හඳුන්වාදෙන ලද තවත් පුරෝගාමී මුල පිරීමක් වේ.

සීමාරහිත කතා කාලයේ පුරෝගාමියා වන Mobitel සමාගමේ මෙම පෙරළිකාරී ‘Master’ පැකේජය දැන් විස්මිත සීමාරහිත ජංගම දත්ත පැකේජයක් සම්පාදනය කරමින් රැ.2,999ක් වැනි මධ්‍යස්ථ මාසික ගාස්තුවක් ගෙවා තම ඩිජිටල් ජීවන රටාව වැඩි දියුණු කර ගැනීමට Mobitel පසු ගෙවුම් පාරිභෝගිකයන්ට හැකියාව ලබාදෙයි.

4G සහ 4.5G තාක්ෂණයන් අධිවේග අන්තර්ජාල සම්බන්දතා පිරිනමන මෙම ‘Master Unlimited Data’ පැකේජය කිසිදු බාධාවකින් හෝ දත්ත අවසන් වේය යන බියෙන් තොරව තමන්ගේ ජංගම දුරකථනය ඔස්සේ උසස් තත්ත්වයෙන් වීඩියෝ නැරඹීමට, ඔන්ලයින් ක‍්‍රීඩාවල නිරතවීමට හා වෙනත් ඔන්ලයින් ක‍්‍රියාකාරකම්වල නිරත වීමට ජංගම අන්තර්ජාල පරිශීලකයන්ට හැකියාව ලබාදෙනු ඇත.

ජාතික ජංගම දුරකථන සේවා සම්පාදකයා වන Mobitel සමාගම ගෝලීය ප‍්‍රමිතීන් සපුරමින් ශ‍්‍රී ලංකාව වෙත නවතම ජංගම දුරකථන තාක්ෂණයන් රැගෙන ඒමට කැප වී සිටී. Mobitel සමාගම මෑතක දී 5G තාක්ෂණය අත්හදා බැලීමෙන් පොදු ජනතාවට Gigabit වේගයන්ගෙන් සමන්විත ඔන්ලයින් 5G අත්දැකීමක් සාර්ථක ලෙස සම්පාදනය කිරීමට සමත්විය. එපමණක් නොව Mobitel සමාගම ශ‍්‍රී ලංකාව තුළ විශාලතම හා වඩාත්ම වැදගත් 4.5G/4G-LTE ජාලය පුළුල් කිරීම සඳහාද මුල පිරැවේය. මෙම පියවර මගින් Mobitel සමාගම රටේ 4.5G/4G-LTE ආවරණය තවදුරටත් පුළුල් කර ඇති අතර එමගින් අධිවේගී ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණය සම්බන්ධයෙන් රට තුළ තමන්ට හිමි අංක 1 තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත.

ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව තිබෙන Ookla® වේග පරීක්ෂණ සම්මානය Mobitel සමාගම වෙත පිරිනමනු ලැබීමෙන් මෙම තත්ත්වය තවදුරටත් ශක්තිමත් විය. මහජනතාව ඔවුන්ට වඩාත්ම අවශ්‍ය කරන දෙය වෙත වඩාත් සමීප කිරීම කෙරෙහි ප‍්‍රබල අවධානයක් යොමුකරන සන්නාමයක් වන Mobitel සිය පාර්ශ්වකරුවන් සියලු දෙනා වෙත හොඳම නිපැයුම් හා සේවාවන් පිරිනැමීම සඳහා නවෝත්පාදක ආකාරයකින් අඛණ්ඩව නව තාක්ෂණය උපයෝගී කර ගනුද වැඩිදියුණු කරනුද ඇත.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00