2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

ජනපති - අගමැති තනතුරු බෙදාගන්න සජබට යෝජනාවක්

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04 1508

දේශපාලන වාර්තාකරු I

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති සහ අගමැති තනතුරු බෙදාගෙන තරග කිරීමට අදාළ යෝජනා සමගි ජන බලවේගයට ලැබී තිබෙන බව එම පක්ෂයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

එක් ප්‍රධාන පෙළේ පක්ෂයකින් ලැබී තිබෙන යෝජනාවක් අනුව ජනාධිපති තනතුර සහ අගමැති තනතුර බෙදා ගැනීමට යෝජනා කර ඇතැයි සඳහන්ය. එහෙත් ඒ කිසිදු යෝජනාවකට සමගි ජන බලවේගය ප්‍රතිචාර නොදක්වන බවද මහලේකම්වරයා කීය.

ඉතා දුෂ්කර ලෙස ගොඩනගන ලද සිය පක්ෂයේ ජයග්‍රහණය වෙනත් පක්ෂ සමඟ බෙදා ගැනීමට සමගි ජන බලවේගයට කිසිදු අවශ්‍යතාවක් නැතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 05:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00