2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

පුළුවන්... ට්‍රයි කරන්න!

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 922

අලි පාටියෙ ඉහළම පට්ටමක් දරන මේ දවස්වල හොඳ ප්‍රසිද්ධියක් ඇති කෙනෙක් පසුගියදාක ඉතාම පෞද්ගලික මට්ටමින් දකුණු ඉන්දියාවෙන් දෛවඥයෙක් කොළඹට ගෙන්නුවා.

මෙරට ප්‍රබල ව්‍යාපාරික භවතෙක් හරහා තමයි උන්නැහේ මේ වැඩේ කරවා ගත්තෙ.

ඔන්න දෛවඥය කොළඹ ඇවිත් මුන්නැහේගෙ නිවසට රහසිගතව පැමිණිලා එයාගෙ ජන්ම පත්තරේ බැලුවලු. ඒකෙ ප්‍රබල යෝග රාජ යෝග වගේම තියෙන බාධක අරව මේව ගැනත් දෛවඥය අනාවැකියක් කීව. රටේ ප්‍රබල තනතුරකට උත්සාහ කිරීම හොඳ බවත් කියල... දෛවඥය තමන් නවාතැන් ගත්ත හෝටලේට ගියා.

ඔන්න මේ දෛවඥය හෝටලේ ඉන්න බව දැනගත් වත්මන් ආණ්ඩුවෙ හිතවතෙක් දෛවඥය අනපේක්ෂිත විදියට ආණ්ඩුවෙ ලොකුම තනතුරක් දරන කෙනෙකුවත් මුණගැස්සුව. ඒ වෙනකොට ආණ්ඩුවෙ ප්‍රබලය දැනගෙන හිටිය මෙයා ආවෙ අලි පාටියෙ නමක් තියෙන උන්නැහේ කෙනෙක්ගෙ වෙලාව බලන්න කියලත්.

කොහොම හරි දෛවඥයා ආණ්ඩුවෙ ලොක්කගෙ කේන්දරෙත් බැලුවා... බලලා කිව්වෙ මෙහෙමයි. ඔබ දේශපාලනේ බැබළෙන කෙනෙක්... ඉස්සරහට තව හොඳ වේවි... තවත් ට්‍රයි කරන්න කියලලු...

ආණ්ඩුවෙ ලොක්කටයි විපක්ෂයෙ ලොක්කටයි ආණ්ඩු හදන්න ට්‍රයි කරන්න කියල සාත්තරේට කියපු මේ සුප්‍රකට දෛවඥය තවත් කස්ටිය හම්බු නොවී එදාම ඉන්දියාවට ගියාලු.

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00