2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

දේසපාලන සාත්තරේ

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 659

පොහොට්ටුවයි - පුටුවයි එකතු කරන්න උඩරට දේසපාලුතුමෙක් සාස්තර ගේමක් ගැහුව... කේතලෙන් මල්ලක් ගෙනාපු දිසාවට වසන්තය උදාකරපු මේ පොහොට්ටු ලොක්ක දකුණු පළාතෙ ඉන්න ජ්‍යෙතිෂයට බර දේවාලයකතුත් හිමි පළා බබෙකුට ඒකට පොඩි කොන්ත්‍රාත්තුවක් දීල. ජ්‍යෙතිෂ ලෝකෙ රත්තරන් නමක් දිනාගෙන ඉන්න මේ පළා බබාට කිව්වෙ මහින්ද උන්නැහේ මේ පළා බබාගෙ දේවාලෙට කැඳවල බොරැ ආරෑඪයක් අරන් සාස්තරයක් කියන්න කියලලු. සාස්තරේ හැටියට කියන්න කිව්වෙ පොහොට්ටුව තනියම ගියොත් ඡන්දෙ පරාදයි. ඡන්දෙ දිනන්න නම් පොහොට්ටුවයි පුටුවයි එකට යන්න ඕන කියලලු...

කොහොමහරි මේ සාත්තර කොන්ත්‍රත්තුව ගත්ත පළා බබාගෙ කටින් මේ කතාව හදිසියෙ නොසිතූ ලෙස ලීක් වුණා... ඒක අන්තිමට හිටපු ලොකුතැනගෙ කනටත් වැටුණ කියමුකො.  හිටපු ලොකු තැනත් සාස්තර ගැන යමක් කමක් දන්න නිසා උන්නැහෙත් එතෙන්දි පොඩි සම්‍යක් ප්‍රයෝගයක් කළා කියලා ඊට පස්සෙ ආරංචියක් ගියා.

මේ සාත්තර කොන්ත්‍රාත්තුව පළා බබාට පට්ටල් කළ මාතලේ ලොක්ක එක්ක පෞද්ගලික කතාවකට සැට්වෙලා ඉන්න වෙලාවෙ ගාල්ලෙ පළා බබා තමන්ට ඉතා හොඳ සාත්තරයක් කී බව හිටපු ලොකුතැන මාතලේ දේසපාලුතුමාට මතක් කළා. උන්නැහේ මුකුත් නොදන්න බබා වගේ ඇහුවලු... ඇත්තද සර්... මිනිහ කියන කතාවල් හරියට හරි සර් මොකද එයා ඔබතුමාට කිව්වෙ...

අයිෂෙ මාර වැඩේනෙ මිනිහ මට කිව්ව පොහොට්ටුව පුටුවත් එක්ක එකතුවෙලා ඡන්දෙට ගියොත් අපි පරදිනවා කියලා... ඒ හින්ද පුටුව නම් ගාවගන්න එපා කියලත් මට උපදෙස් දුන්නා... ඒකයි මම මේ දැන් කල්පනා කර කර ඉන්නෙ. ඔයා කියනව වගේ මිනිහ කියන සාත්තර හරියට හරිලු...

හිටපු ලොකු තැන තමන්ගෙ තීන්දුව මාතලේ ලොක්කට කිව්වා විතරයි මිනිහා තක්කු මුක්කු වුණා... මිනිහා එහෙම කිව්වද සර්... කියලා අහපු මාතලේ ලොක්ක වෙන්න බැහැ කියලා හෙමින්ම මාරැ වුණේ ගාල්ලෙ පළා බාබා වැඩේ කෑව කියලා හිතින් දොස් කියමින්ලු. මාතලේ ලොක්කා කතාව අහලා එතනදි අන්ද මන්ද වුණ හැටි බලලා හිටපු ලොකු තැනට ඉබේම හිනාවකුත් ගියාලු... 

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00