2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

එට්කා ඉන්දියාවට හදිසි නැතිලු

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 79


I සංජීවිකා සමරතුංග

ඉන්දු ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (එට්කා) අත්සන් කිරීමට ඉන්දියාවට කිසිදු හදිස්සියක් නැතැයි කොළඹට පත්ව ආ අභිනව ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා රජයට දන්වා ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා රජයට අවශ්‍ය අවස්ථාවක ඊට අත්සන් තැබීම ඉන්දියාවේ අදහස බවද මහ කොමසාරිස්වරයා රජයට දැනුම් දී තිබේ.

දේශයට වාර්තා වන ආකාරයට එට්කා ගිවිසුමේ කටයුතුවලින් දැනට 75 ක් පමණ හමාරය. ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන සාකච්ඡාකරු ආචාර්ය සමන් කැලේගම සහ ඉන්දීය රජයේ ප්‍රධාන සාකච්ඡාකරු භුපින් ද භල්ලා අතර මේ ගැන දීර්ඝ සාකච්ඡා වට ගණනාවක් පැවැත්විණි.  රජය මුලින් තීරණය කර තිබුණේ පසුගිය 2016 දෙසැම්බර් 31 දාට පෙර එට්කා ගිවිසුම අත්සන් කිරීමටයි. එහෙත් මේ ගැන ක්ෂේත්‍ර රැසකින් ප්‍රබල විරෝධයක් මතුවීම නිසා ගිවිසුම අත්සන් කිරීම කල් දමන්නට සිදුවිය.