2024 මැයි 04 වන සෙනසුරාදා

තවත් කැබිනට් අමාත්‍ය පත්වීමක්?

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 05:04 402

දේශපාලන වාර්තාකරුI

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන උඩරට පළාතේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුට කැබිනට් අමාත්‍ය පදවියක් ලැබීමට නියමිත බව ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි.

වසර 2000 සිට මේ දක්වා අවුරුදු 24ක් උඩරට පළාතේ ආසනයක් නියෝජනය කරන හෙතෙම මෙයට පෙර ආණ්ඩු ගණනාවක කැබිනට් අමාත්‍ය පදවි දැරූවෙකි.

මෙවර ඔහුට ලැබෙන විෂය කුමක්දැයි අනාවරණය වී නැතත් ඉදිරි සතිය වනවිට ඔහුට අමාත්‍ය පදවියක් ලැබෙනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි.

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 05:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00