2024 මැයි 04 වන සෙනසුරාදා

පැරණි ණය ගෙවන්න අලුත් ණය! - ශ්‍රී ලංකා මහ බැංකුව

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 3132

ව්‍යාපාරික වාර්තාකරු I

ආණ්ඩුවේ බදු ආදායම වර්ධනය කොට ආර්ථිකය ශක්තිමත් කිරීමේ උත්සාහයක් දියත් කර ඇතත් ආණ්ඩුවේ පැරණි ණය හා පොලී ගෙවීම සඳහා අලුතින් ණය ගැනීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි.

මහ බැංකුව ප්‍රකාශ කරන ආකාරයට රජයේ පැරණි ණය පොලී ගෙවීම සඳහා පසුගිය මුදල් වර්ෂය තුළ රුපියල් බිලියන 2455ක් අවශ්‍ය විය. එම ණය පියවීම සඳහා මුදල් නොමැති වූයෙන් අලුත් ණය ලෙස රුපියල් බිලියන 2282.3ක් දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ලබාගෙන තිබේ. ඒ අනුව දේශීය ණය වශයෙන් රුපියල් බිලියන 1787ක්ද විදේශීය ණය වශයෙන් රුපියල් බිලියන 494ක්ද ලබාගත් බව මහ බැංකුව පවසයි.

කෙසේ වෙතත් රජයේ නව බදු ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය බදු ආදායම රුපියල් බිලියන 2720ක් දක්වා 55.4% කින් ඉහළ ගොස් ඇත. එසේම රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 114% සිට 103% ක් දක්වා පහත වැටී තිබේ.

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01