2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

ඇමැති මාරුව කල් දැමීමට හේතු දෙකක්

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

I දේශපාලන වාර්තාකරු

යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය හේතු දෙකක් මත පමා කළ යුතු යැයි එ.ජා.ප.ය ජනාධිපතිවරයාට යෝජනා කොට ඇත.

මාර්තු මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුව ඇරුඹීමට පෙර හෝ මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලැබීමට පෙර ඇමැති සංශෝධනය කිරීමෙන් ගැටලු ඇතිවන බව එ.ජා.ප. යෝජනාවේ සඳහන් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

විශේෂයෙන් මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලැබීමට පෙර මුදල් ඇතුළු ප්‍රධාන පෙළේ අමාත්‍ය විෂයන් වෙනස් කිරීම ආධාර වැඩසටහනට ඉතාමත් අහිතකර ලෙස බලපානු ඇති බව එ.ජා.ප.යේ මතය වී තිබේ. මෙකී ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධව මුදල් අමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කිරීමට මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරි සතියේ කොළඹට පැමිණීමට නියමිතය.

ජිනීවාහිදී ඇරුඹෙන මානව හිමිකම් සමුළුව ලබන මාසයේ පැවැත්වෙන අතර ඊට මුහුණ දීමට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරැන් ක්‍රියා කළයුතු අවස්ථාවක් උදාවී ඇති බැවින් එයද කැබිනට් සංශෝධනය කල් දැමීම සඳහා වන හේතුවක් ලෙස එ.ජා.ප.ය සඳහන් කර ඇත. මෙම යෝජනා නිසා තාවකාලිකව දැනට අමාත්‍ය සංශෝධනය කල්දමා ඇතත් එය මාර්තු මාසයේ සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසේ. මුදල් සහ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශවල පුළුල් වෙනස්කම් මෙහිදී සිදුකෙරෙනු ඇතැයි වාර්තා වෙයි.