2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

ඇමැති එස්. එෆ්. ගේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගැලවේ?

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1020

I දේශපාලන වාර්තාකරු

පසුගිය සති කිහිපය තිස්සේ ආරක්ෂක අංශ සහ යුද හමුදාපතිවරයා දැඩි ලෙස විවේචනය කළ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ෆීල්ඩ් මාර්ෂල් ධූරය ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශයට වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතුව ඇති අතර මේ වනවිටත් ජනාධිපතිවරයා එම තීන්දුව ගැන සිය උපදේශකයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව දැනගන්නට තිබේ. ෆොන්සේකා මහතා විසින් කරන ලද විවේචන ගැන යුද හමුදාවේ දැඩි කනස්සල්ල ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා වෙත හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් විසින් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

මේ ගැන රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක් සමඟ අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා අමාත්‍ය ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට අගමැතිවරයා මෙරටට පැමිණි විගස සාකච්ඡාවක් කරන බව සඳහන් කර ඇත.
තහවුරු නොකළ රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් ධූරය නැතිනම් කැබිනට් ධූරය යන දෙකින් එකක් අහිමි විය හැකි බවය. 

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගනිමින් සිටිනා බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ද සඳහන් කළේය.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 05:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00