2018 ජුලි 14 වන සෙනසුරාදා

කුඩු යුද්දෙට ත්‍රිවිද හමුදාව කැඳවයි - රන්ජිත් මද්දුමබණ්ඩාර

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

I ගයාන් ගාල්ලගේ

කුඩු සහ පාතාලය මර්දනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

පොලීසියට අමතරව හමුදාව මෙලෙස යෙදවීමට තීරණය කර ඇති අතර ඒ ගැන සාකච්ඡා කරමින් පවතින බව අමාත්‍යවරයා කීය. දැනට ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය වැනි ආයතන යොදාගනිමින් රට පුරා මෙහෙයුම් සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.