2018 මැයි 05 වන සෙනසුරාදා

බිම් මට්ටමේ සංවිධාන වැඩ සජිත්ට

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

I ගයාන් ගාල්ලගේ

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සියලු සංවිධාන කටයුතු එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත පැවරීමට තීරණය වී ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් (දේශයට) පැවසීය.

රැවන් විජයවර්ධන කමිටු වාර්තාව මගිනුත් නියෝජ්‍ය නායක තනතුර සඳහා සියලු සංවිධාන කටයුතු පවරන ලෙසට දැනුම් දී ඇති නිසා මෙලෙස බිම් මට්ටමේ සංවිධාන කටයුතු බාරදීමට තීරණය වී ඇතැයි ඔහු සඳහන් කළේය.

ඒ තුළින් නියෝජ්‍ය නායක තනතුර වෙත වැඩි බලතල සහ වැඩකටයුතු ප්‍රමාණයක් පැවරීමට තීරණය කර ඇති අතර එක්සත් ජාතික පාක්ෂිකයා සහ නව පාක්ෂිකයන් පක්ෂය වටා එක්රැස් කිරීම නියෝජ්‍ය නායකයා වෙත පවරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ වැඩකටයුතු ඉදිරියේ ලිඛිතව ලබාදීමට නියමිතව ඇත.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00