2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

ජනපතිගේ තීන්දුව ජූනි අගදී

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 224

දේශපාලන වාර්තාකරු I

තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන නමුත් ඒ් පිළිබඳව අවසන් තීරණය ලබන ජූනි මස අවසානයේදී ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත. එහෙත් මෙයට පෙර සැලසුම් කර තිබුණේ මැයි මස මැද භාගයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ තීන්දුව දැනුම් දීමටය.

පසුගිය අඟහරුවාදා සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබිණි. එම හමුවෙන් පසුව ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා සමඟ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ හමුවක්ද පැවැත්විණි.

මෙම හමුවීම්වලදී ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතාගේ තීන්දුව ප්‍රකාශ කළ පසුව පොහොට්ටුවේ තීරණය ගනු ලබන බවය. මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් ජනාධිපතිවරණයට තරග කරන වගය.

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර, නිමල් සිරිපාල, හරීන් ප්‍රනාන්දු, කාංචන විජේසේකර, අනුර යාපා ඇතුළු ජ්‍යෙෂ්ඨ මැති ඇමැතින් පිරිසක් රනිල් - බැසිල් හමුවෙන් පසුව පැවති දෙවැනි සාකච්ඡාවේදී නායක දෙපොළ හමුවී තිබේ.

ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්ව තීන්දුව කල් දමා ඇත්තේ අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීමෙන් පසු රජයෙන් ජනතාවට විවිධ සහන ප්‍රදානය කිරීම ගැටලු සහගත වන බැවින් යැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 05:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00