2017 මැයි 06 වන සෙනසුරාදා

ප්‍රංශයට ජර්මනියට නව තානාපතිවරු

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66


සංජීවිකා සමරතුංග l

ප්‍රධාන පෙළේ යුරෝපා රටවල් දෙකකට නව තානාපතිවරුන් පත්කිරීමට රජය තීරණය කළේය. ඒ ප්‍රංශයට සහ ජර්මනියටයි.
දැනට ප්‍රංශයේ තානාපති ධුරය දරන තිලක් රණවිරාජා මහතා වෙනුවට ලෙස බුද්ධි අතාවුද මහතා පත්කිරීමට සැලසුම් කර තිබේ.

බුද්ධි අතාවුද මහතා මෙයට පෙර නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තාතාපතිවරයා ලෙසද කටයුතු කළේය. ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා නම්කර ඇත. ඔහුගේ නාම යෝජනාව දැනටමත් එරටට යවා තිබේ. හෙට්ටිආරච්චි මහතාගේ පත්වීමත් සමඟ ජර්මන් තානාපති කරුණාතිලක අමුණුගම මහතාගේ නිලකාලය හමාරවෙයි.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 05:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00