2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

බටහිර ජැටියේ ගනුදෙනුවට ඉන්දීය රජය නෑ

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 21

I ව්‍යාපාරික වාර්තාකරු

කොළඹ වරායේ බටහිර ජැටිය සම්බන්ධ ගනුදෙනුවෙන් ඉන්දීය රජය ඉවත් වී අදාළ සමාගම් සහ ශ්‍රී ලංකා රජය අතර ගනුදෙනුවක් ලෙස එම කටයුතු ක්‍රියාත්මක කිරීමට තීන්දුවක් ගෙන ඇතැයි විශ්වාස කටයුතු රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

ඒ අනුව බටහිර ජැටිය සංවර්ධන කටයුතු, අදානි සමාගම, ජෝන් කීල්ස් සමාගම හා ශ්‍රී ලංකා රජය අතර කෙරෙන ගනුදෙනුවක් බවට පත්වනු ඇත. එසේම කලින් ඉන්දීය රජයේ ජාත්‍යන්තර හවුල්කරුවා වූ ජපානය ද දැන් මේ ගැන උනන්දුවක් නොදක්වන බව එම ආරංචි මාර්ග කියයි. කෙසේවෙතත් ඉදිරි සති කිහිපය තුළ බටහිර ජැටිය සංවර්ධනයට අදාළ ගිවිසුම් සකස් කෙරෙනු ඇත. ඒ සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබේ.