2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

සමුදෙන්න පිළිගන්න ජනපති කාර්යාලයේ උත්සව 2ක්

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:29 36

I දේශපාලන වාර්තාකරු

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමුදීමටත්, අභිනව ජනාධිපතිවරයා පිළිගැනීමටත් ජනාධිපති කාර්යාලයේ විශේෂ රාජ්‍ය උත්සව දෙකක් සංවිධානය කෙරෙමින් පවතී.

ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සව සංවිධානය කෙරේ. ඒ අනුව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමුදීමේ උත්සවය නොවැම්බර් මස 14 දින ද අභිනව ජනාධිපතිවරයා පිළිගැනීමේ උළෙල නොවැම්බර් 19 දින ද පැවැත්වෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය. ඒ සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලය සහ තවත් ප්‍රභූන් රැසකට ආරාධනා කිරීමට දැනටමත් කටයුතු සැලසුම් කර ඇත.