2018 මාර්තු 10 වන සෙනසුරාදා

තෙල් මිල ඉහළ දමන බව මූල්‍ය අරමුදලට කියලා

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 250

I සංජීවිකා සමරතුංග

ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර වෙළඳපොළ මිලට ගැලපෙන ලෙස ඉහළ දැමීම මෙම මාර්තු මස අවසානයේත්, විදුලි ගාස්තු ඉහළ දැමීම ලබන සැප්තැම්බරයේත් සිදු කරන බව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ සතියේ දැනුම් දී ඇත.

දැනට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ණය වැඩසටහනේ ඊළඟ වාරිකය ලබන අප්‍රේල් මස නිදහස් කිරීමට පෙර මෙම මිල සංශෝධන ප්‍රකාශ සටහන් කරන ලෙස මූල්‍ය අරමුදල රජයට දැනුම් දී තිබුණි. ඒ ගැන විමර්ශනයට මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පසුගියදා කොළඹට පැමිණි මුදල් ඇමැති මංගල සමරවීර මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද මුණගැසුණි.

මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කළ පසු එමඟින් ශ්‍රී ලංකාවට ලැබෙන ණය මුදලේ 4 වැනි වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 165ක පමණ මුදල නිදහස් කෙරේ.