2017 ජුලි 22 වන සෙනසුරාදා

හෝර්ටන් පෙදෙසේ මෙක්සිකානු කෑම රජදහන

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 172

ලොව විශාලතම මෙක්සිකානු ක්ෂණික ආහාර අවන්හල් ජාලයවන Taco Bell අවන්හලක් පසුගියදා කොළඹ හෝර්ටන් පෙදෙසේදී විවෘත වුණා. පාරිභෝගික රුචි අරුචිකම් අනුව යමින් ඉදිකරලා තියෙන මේ අවන්හල ආහාරපාන ගැනීමට හොඳින් ගැලපෙන සංගීතය මුසු වටපිටාවකුත් ඒ තුළ ගොඩනඟා තිබීම විශේෂත්වයක්. 

Crunchy and Soft Tacos Burritos, Quesadillas සහ chalupaso කියන්නේ මේ අවන්හලේදි දකින්න ලැබෙන සාම්ප්‍රදායික මෙක්සිකානු ආහාර වර්ග කිහිපයක්. චීස් රසයට කැමැති අය වෙනුවෙන්ම පිළිගැන්වෙන ආහාරයක් තමයි Cheesy Quesadillas කියන්නේ. ශ්‍රී ලංකාව උදෙසාම විශේෂයෙන් පිරිනමන Crispy Fish Tacos yd Burritos යන ආහාර වර්ගත් එහි කෑම වට්ටෝරුවේ දකින්න පුළුවන්. ඊට අමතරව Chocodilla, Chocolate Caramel සමග Vanilla Ice cream වැනි අතුරුපස වර්ගත් මෙහි තිබෙනවා.

පාන වර්ග ගැන සඳහන් කිරීමේදී සුවිශේෂී රසකාරක සපිරි California Tan, කාබනේටඩ් මෝල්ට් පානයෙන් යුත් නැවුම් අයිස් තේ, ප්‍රණීත අයිස්ක්‍රීම් ෂේක්ස් වර්ග, රසවත් කෝපි පාන වර්ග හා මත් නොවන කොකේටේල් වර්ග අමතක කළ නොහැකියි.

ලෝකය පුරා Taco Bell අවන්හල් 350කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදය හැරුණු විට ලෝකයේ සෙසු රටවල් 24ක මේ අවන්හල් ජාලය පැතිර පවතිනවා. ජාත්‍යන්තර තලයේ ආහාර අත්දැකීමක් කොළඹ හෝර්ටන් පෙදෙසේදී විඳගැනීමේ අවස්ථාව මේ සමඟ ශ්‍රී ලාංකිකයන්ට හිමිවෙනවා.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00