2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

වායුගෝලය දූෂිතම වසර 2018

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

දූෂිත වායුන් වාර්තා පිට වාර්තා තැබූ වසරකි මේ. වැඩිම කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණයක් වායුගෝලයට මුදාහැරුණු වසර ලෙස 2018 ඉතිහාසගත වී තිබේ. ලොව පුරා සීඝ‍්‍රයෙන් වැඩිවන මෝටර් රථ වෙළෙඳපොළ මීට ප‍්‍රධාන හේතුවක් බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වී ඇත.

චීනයේ ගල් අඟූරු භාවිතය ද වායුගෝලයට මුදාහැරුණු කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණය ඉහළ යාමට තවත් හේතුවකි. ඒ අනුව වායුගෝලයට වැඩිම කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණයක් මුදාහරින රට වන්නේ චීනයයි. අමෙරිකාව, ඉන්දියාව, රුසියාව, ජපානය, ජර්මනිය, ඉරානය, සෞදි අරාබිය, දකුණු කොරියාව සහ කැනඩාව ද එම රටවල් අතරට අයත්ය. එම වාර්තාවෙන් දැක්වෙන්නේ, 2017 වසරේදී ඉන්ධන දහනයෙන් වායුගෝලයට මුසු වූ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය 1.7%ක් ලෙස සටහන් වූ අතර මේ වසරේදී එය 2.7%ක් දක්වා ඉහළ යනු ඇති බවය. එය කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 37.1 කි.