2020 ජුනි 13 වන සෙනසුරාදා

අඟහරු අල්ලන්න අරාබියත් යයි!

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

ලෝකය කොවිඩ් වසංගතයෙන් ගොඩඑන්නට දඟලද්දී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ප්‍රථම අභ්‍යවකාශ චාරිකාව සඳහා කටයුතු සූදානම් කරමින් පවතියි. අරාබිය මුල්වතාවට අඟහරු අල්ලන්නට යන මේ ගමන තව සති කිහිපයකින් පැවැත්වීමට නියමිතය.

ගමන සඳහා අවශ්‍ය ඉන්ධන පිරවීමේ කටයුතු එළැඹෙන මාසයේදී ආරම්භ වීමට නියමිතය. කිලෝමීටර් මිලියන 493ක් දුර ගෙවිය යුතු මේ ගමන සඳහා මාස හතක කාලයක් ගත වනු ඇතැයි තක්සේරු කොට තිබේ. අරාබි යානය අඟහරැ වෙත ළඟා වීමෙන් අනතුරුව ඒ වටා යන කක්ෂයකට යාමට නියමිත අතර එහි කාලගුණික සහ වායුගෝලීය තත්ත්වය ගැන නවතම දත්ත රැස් කිරීමට එයට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වේ. 

අඟහරුගේ වර්ෂයක් වන දින 687ක් තිස්සේම රැඳී සිටිමින් දත්ත රැස්කිරීම මේ අභ්‍යවකාශ චාරිකාවේ අරමුණකි. මේ අභ්‍යවකාශ මෙහෙයුම තරුණ අරාබි විද්‍යාඥයන්ට අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාවේ මංපෙත් විවර කරන යහපත් කටයුත්තක් යැයි මෙහි වැඩසටහනේ වැඩසටහන් අධ්‍යක්ෂිකා සාරාහ් අල් අම්රි කීවාය.