2020 මැයි 23 වන සෙනසුරාදා

සිංගප්පූරුවේ අමුතු බල්ලා!

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

මේ කොවිඩ්-19 කාලේ වැඩියෙන්ම ඇසෙන්නට ලැබෙන්නේ සමාජ දුරස්ථකරණය ගැනය. නමුත් කිසිම කෙනෙක් ගණනකට නොගන්නේද එයයි. මේ හේතුව නිසා ආණ්ඩුවලට සිදුව ඇත්තේ බලෙන්ම සමාජ දූරස්ථකරන උපක්‍රම හඳුන්වා දෙන්නටය. මේ නීතිය පවත්වාගෙන යාම සඳහා රොබෝ බල්ලෙක් සිංගප්පූරුවේ උද්‍යානයක දැන් පරීක්ෂණ මට්ටමෙන් යොදවා තිබේ.

අමෙරිකානු සමාගමක් වන බොස්ටන් ඩයිනමික් විසින් නිෂ්පාදනය කර ඇති මෙම රොබෝ බල්ලා සිංගප්පූරුවේ බහුලව ජනයා ගැවසෙන බිෂාන් අන්ග් මෝ කියෝ උද්‍යානයේ දැනට පරීක්ෂණ මට්ටමෙන් යොදවා ඇත.
කැමරා පද්ධතියකින් සමන්විත මෙයට අවට පිරිස අතර සමාජ දුරස්ථකරණය නොමැති විට ඒ ගැන වටහාගෙන වහාම අවවවාද සඳහන් පණිවුඩ නිකුත්කරන ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතියක්ද සවිකර ඇත.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00