2023 පෙබරවාරි 26 වන ඉරිදා

යන්න නම් බැරිලු

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 707

ආණ්ඩුවෙ පාලක මණ්ඩලේ පට්ටම් දෙක තුන තියෙන මහත්තුරු ගණනාවක්ම ඉන්නව... ඉතින් ඉදිරියේදි තවත් කිහිප දෙනකුට ඔය පට්ටම්වලින් කිහිපයක් බෙදල දෙන්න උත්සාහයක් තියෙනව...

ඒත් දැන් ඔය පට්ටම් දෙක තුන දරන උදවියගෙන් එක්කෙනෙක් හැර අනිත් අය එකම තනතුරක්වත් අතහරින්න කැමැති නැතිලු.

ආණ්ඩුවෙ වගකිව යුතු අය එයාලගෙන් මේ ගැන අහනකොට කියන්නෙ ඒවට තමන්ගෙ පෞද්ගලික කාර්ය මණ්ඩල පත් කරල ඉවරයි, තමන් ඔය එක තනතුරක් අතහැරියොත් ඒ නිලධාරින්ගෙ රස්සා නැතිවෙනව... ඒ හින්ද තනතුරින් අස්වෙන්න නම් බැහැ කියලලු...

මේක දැන් ආණ්ඩුව ඇතුළෙ ලොකු ප්‍රශ්නයක් වෙලාලු... පොහොට්ටු කස්ටිය නිතරම තමන්ට මුලින් පොරොන්දු වුණු තනතුරු ඉල්ල ඉල්ල සටන් කරනව. ඒ වුණත් දැන් ඒ තනතුරු දරන අය යන්න අකමැති නිසා අලුතින් කැබිනට්ටුවට පත් කිරීම් කරගන්න බැරුව වගකිව යුතු අය හිරවෙලා ඉන්න බවයි ආරංචි...

මේ වගේ තනතුරු දෙක තුන දරන අයගෙන් ගාල්ල පැත්තෙන් ආපු තරුණ ඇමැතිතුමා විතරක් තමන්ගෙ පට්ටමක් පරිත්‍යාග කරන්න කැමැතිවෙලා ඉන්න බවයි කියවෙන්නෙ. මස් රාත්තලම ඉල්ලන කස්ටිය අතරෙ ඒ වගේ ගුණ යහපත් එක්කෙනෙක් හෝ ඉඳීමත් හොඳයි කියල ආණ්ඩුවෙම ලොකු අය කියන්න පටන් අරන්.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00