ආරක්ෂක අංශයේ ඉහළම තනතුරක් දරාපු කෙනකුට අමුතු චෝදනාවක් එල්ල වෙනවයි කියලා ආරංචියි. හැබැයි ඒ චෝදනාව එල්ල වෙන්නේ උන්නැහේ ආරක්ෂක අංශයේ සේවය කරන කාලෙ වෙච්ච දේකට නෙවෙයිලු. ආරක්ෂක අංශය පට්ටමින් විශ්‍රාම ගියාට පස්සේ අමාත්‍යාංශයක ඉහළ මට්ටමේ තනතුරක් දරාපු කාලේ කරපු සෙල්ලමක් ගැනයි.
මේ චෝදනාව වැලි ගල් යකඩ වානේ වගේ දේවල්වලට සම්බන්ධ එකක්ය කියල තතු දත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ටෙන්ඩර් නැතුව වටිනා වැලි වර්ගයක් විකිණීමෙන් පසුව ඒ විකුණන ලද වැලිවල තත්ත්වය බාලයි කියලා ගැනුම්කරු චෝදනා කළාම තවත් ඒ වර්ගයේ වැලි තොගයක් නිකම්ම දීලයි කියලත් කියනවා. පරීක්ෂණ අංශ වැඩේ අදින්න පටන් අරන්. වැඩේ කරපු උන්නැහේ දැන් හොඳටම කලබල වෙලාලු.