2025 ජුනි 21 වන සෙනසුරාදා

උන්නැහේ නැහැල්ලු‍!

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 520

අපි මේ කියන්න යන උන්නැහේ එක්තරා මහ පක්ෂයක ලොකු ලියන මහත්තයලු‍.

දැන් සති දෙකක් තිස්සේ උන්නැහේ කාටවත් අල්ලගන්න බැරි වෙලා. ඊට පස්සේ කට්ටියක් මෙයා ඉන්නේ කොහෙද කියල විපරම් කරලා බැලු‍වා. එතකොට තමයි දැනගන්න ලැබුණේ උන්නැහේ ලංකාවෙත් නෑ කියලා. එකපාරටම කවුරුත් දන්නෙ නැතුව එයා අතුරුදන් වුණේ ඇයි කියලා හුඟ දෙනකුට ප්‍රශ්නයක් වුණා.

පුංචි ආණ්ඩුවලට සභාපතිවරු පත් කරගන්න සටන කෙරෙද්දි මෙතුමා මේ විදියට රටෙන් ගියේ මොකද කියල හොයලා බලාපු අයට ආරංචි වුණේ අමුතු කතාවක්. තමන්ගේ පක්ෂයේ ඉහළම තැනක ඉන්න කෙනෙක් එක්ක ඇතිවුණු පුංචි පුංචි මත ගැටුම් නිසා එයා මේ තීරණාත්මක අවස්ථාවේ රටින් ගියා කියලයි කියැවෙන්නෙ. කොහොම වුණත් එයාගේ ජංගම දුරකථනයටවත් කතා කරන්න බැරි විදියට වැඩ සැලසිලා තිබුණාලු‍. 

තමන්ගේ පක්ෂය ගොඩනගන්න සෑහෙන කැප කිරීමක් කරපු උන්නැහේගෙ මේ ගමන කොතැනින් කෙළවර වෙයිද කියලයි හුඟ දෙනෙක් බලන් ඉන්නෙ.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00