2025 ජුනි 14 වන සෙනසුරාදා

සත්‍ය ගවේෂණය

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 469

පහුගිය දවසක කඩුවලට සම්බන්ධ වෙලක් තියෙන පැත්තෙ පුංචි ආණ්ඩුවක ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් දිවුරුම් ගන්න උත්සවයක් තිබුණා. ඒ අවස්ථාවට පාර්ලිමේන්තුවේ හිටපු සහ ඉන්න ලොක්කෝ දෙතුන් දෙනකුටත් ආරාධනා කරලා තිබුණයි කියමුකෝ.

මේ අය අතරෙ කොළඹ දිසාවේ මධුර දේශපාලනයක් කරන උන්නැහැ කෙනකුයි නිතරම සත්‍ය ගවේෂණය කරන දේශපාලනඥයකුයි හිටියලු‍. මේ දෙන්නා ඉස්සරහ ඔය කියන ස්වාධීන කට්ටියට දිවුරුම් දෙන්න යෝජනා කළාම ඒක එයාලා තරයේම ප්‍රතික්ෂේප කළා කියලයි ආරංචි.

එයින් වැඩිම විරෝධය එල්ල වුණේ සත්‍ය ගවේෂකයටලු‍. එහෙන් මෙහෙන් සද්ද බද්ද වැඩි වෙනකොට දෙන්නටම තේරුණාලු‍ එන පොට හොඳ නෑ කියල. ඊට පස්සේ දෙන්නම දිවුරුම්දීම පැත්තකින් තියලා පස්සෙ දොරෙන් හනිකට මාරු වුණා කියල තතු දත් අය කියනවා. ඉදිරි ඡන්දයට මනාප එකතු කරන්න ආපු මේ දෙන්නා එක්ක තියෙන පරණ කෝන්තර නිසා මෙහෙම පන්නගත්ත බවයි කියැවෙන්නෙ.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00