2025 ජුනි 14 වන සෙනසුරාදා

කට පියාගෙනලු

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 653

දුරකථන පාටියේ සිද්ධිය එන්න එන්න දරුණු වෙමින්ලු‍ යන්නෙ. ගොඩක් සංවිධායකවරු වැඩ කරන්නෙම නෑලු‍. සමහර අය අයින් වෙනවලු‍. මේ හැම ප්‍රශ්නයකටම විඳවන්න වෙලා තියෙන්නෙ අත්තක හිරවෙලා ඉන්න නායකයෙක්ට. එයා පක්ෂයේ මහා සංවිධායක.

උදේ ඉඳලා රෑ වෙනකම් ඇමතුම්ලු‍. එන හැම ඇමතුමක්ම බැණුම් තමයිලු‍. කුණුහරුපත් අහන්න වෙනවලු‍. මෙයා පක්ෂයේ ලොකු කෙනෙක්ට කිව්වලු‍ මට දැන් ඇතිවෙලා තියෙන්නෙ කියලා.

කොහොම වුණත් මෙයා දැන් කරළියට එන්නෙ නෑලු‍. මෙයා කියන්නෙ ලොක්කා එක එක්කෙනාගේ ලණු කාලා අනාථ වෙලා ඉන්නෙ කියලා. ඒ නිසා හොඳම දේ කට පියන් පාඩුවේ ඉන්න එක කියලා. කතා කරන අයටත් ඉතින් එයා ඒ ටිකමලු‍ කියන්නෙ.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00