2023 ජනවාරි 29 වන ඉරිදා

භාවනාව කල්යයි!

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 773

තමන් සේවයෙන් විශ්‍රාම ගත්ත ගමන් බණ භාවනා කොට සසර මග කෙටිකර ගන්නට පියවර ගන්නා බව එක්තරා ජ්‍යෙෂ්ඨම අමාත්‍යංශ ලේකම් කෙනෙක් පසුගිය කාලයේ සඳහන් කරල තිබුණ...

මුන්නැහේ අන්තිමට සේවය කළේ ළඟදී පක්ෂ මාරු කරල ආණ්ඩුවට සැට් වෙච්ච බදුල්ල පැත්තෙ ඇමැති කෙනෙක්ගෙ අමාත්‍යංශයෙලු... ඔන්න කොහොමින් කොහොම හරි මේ ලේකම් තැනව පසුගිය දෙසැම්බර් 31දාට වයස හැට සම්පූර්ණ වෙලා බණ භාවනාවට අවස්ථාව උදාවුණා...

ඒ වුණාට උන්නැහේ ඒ අමාත්‍යංශයෙන් යන්න කැමැත්තක් තිබුණෙ නැතිලු... විෂය භාර ඇමැති තැනත් මෙයව තව කලක් තියන්න කියල රටේ ලොකුතැනට කරදර කළ බවයි ආරංචි... ඇමැති තැන කොච්චර තදින් ඒ ගැන ක්‍රියා කළාද කිව්වොත් මේ ලේකම් වෙනුවට පත්කළ අලුත් ලේකම්ට අමාත්‍යංශය පළාතෙ එන්න දුන්නෙත් නැතිලු...

අන්තිමට මේක ලොකු ආරවුලක් වුණාම අර බණ භාවනා කරන්න ගන්න හිටපු ලේකම් තැනට රජය බොහෝම අමාරුවෙන් තවත් මාස තුනක සේවා දීර්ඝ කිරීමත් දීල තාවකාලිකව ප්‍රශ්නය යටපත් කළා...

මේක යට තවත් රස කතා ගොඩක් තිබෙන බව ඒ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨයො කියනව... කොහොම නමුත් මේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිය කරපු 'චූල වංශයේ' ක්‍රියාවට ඒ ආයතනෙ බොහෝ දෙනෙක් විරුද්ධ බවයි කනින් කොනින් ආරංචි වුණේ.